අඩි විසිපහක් පමණ උස ගස්ලබු ගසක ගෙඩියක් හිස මතට කඩා වැටීමෙන් දෙදරු පියෙකු මිය ගොස් ඇති බවට පුවතක් රත්නපුරින් වාර්තා වේ.

මේ පිළිබඳ පැවති මරණ පරීක්‍ෂණයේදී ඉදිරිපත්වූ සාක්ෂි සහ පශ්චාත් මරණ වෛද්‍ය වාර්තාව සලකා බැලු රත්නපුර නාගරික හදිසි මරණ පරික්‍ෂක අයි.එම් .සුනිල් මහතා විවෘත තීන්දුවක් දෙමින් වැඩිදුර පරික්‍ෂණ සඳහා කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ශරීරයේ කොටස් යොමු කරන ලෙස

නියෝග කළේය.

 ගස්ලබු ගෙඩිය තම හිසමතට කඩා වැටීමෙන් මිය ගොස් ඇත්තේ රත්නපුර රෝහල් නිවාසය පෙදෙස පදිංචි ව සිටි. රංචාගොඩ ගමගේ ගුණපාල (44) නමැති අයෙකි.  මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය රත්නපුර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.දයාපාල මහතා විසින් රත්නපුර මුලික රෝහලේදී පවත්වන ලදී.

මිය ගිය අයගේ බිරිඳ රත්නපුර මුලික රෝහලේ සේවය කරන බවත් ඇගෙන් ලබාගත් තොරතුරක් මත ‍වෛද්‍යවරියකගේ නිවසේ අලුත් වැඩියාවකට කැටදොල ප්‍රදේශයේ ගොස් සිටියදී මරණකරු නිවස පිටුපස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඒ අසල තිබු ගස්ලබු ගසෙන් ගස්ලබු ගෙඩියක් හිස මතට කඩා වැටුණ බවද.
එයින් මරණකරුගේ හිසට තුවාලයක් සිදුවු බවට මරණ පරීක්‍ෂණයේදී ඉදිරිපත්වූ සාක්කි මගින්  හෙලිදරව් විය.

 රත්නපුර නාරික හදිසි මරණ පරික්‍ෂක අයි.එම් සුනිල් මහතා මරණ පරීක්‍ෂණයේදී ඉදිරිපත්වූ සාක්කි සහ පශ්චාත් මරණ පර්ක්‍ෂණ වෙද්‍ය වාර්තාව අනුව විවෘත තීන්දුවක් ලබා දෙමින් මල සිරුරේ කොටස් වැඩිදුර පරිණක්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි වරයා වෙත යවන ලෙසත් මේ සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වන
ලෙසට රත්නපුර පොලීසියට නියෝග කළේය. රත්නපුර පොලීසියේ සැරයන් ධර්මසේන  මහතා විසින් සාක්ෂි මෙහෙයවන ලදී.