ජනප්‍රිය නිවේදක කැළුම් ශ්‍රීමාල්ගේ දියණිය පාරමී පහුගියදා යුගදිවි ගමන් ඇරඹුවා.මංගල උළෙලට පැමිණ සිටි සුවිශේෂ අමුත්තා බලු  සුරතලෙක්. දෙවැනි ගමනට බලු පැටවුන් දෙදෙනකු සහභාගි වුණා. මේ විදියේ අමුත්තන් තමන්ගේ ජීවිතයේ වැදගත්ම දවසට කැඳවූවේ විශේෂ හේතුවක් නිසාද පාරමී හා නිරාන් ඒ ගැන කතා කළා.
මුලින්ම අපි පාරමීගෙයි නිරාන්ගෙයිය ආදර කතාව ගැන විමසලා බලමුකෝ.

    පාරමී - මම වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ සම්බන්ධීකාරකවරියක්. රැකියාව. කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඒ විදෙස් ගතවන අවස්ථාවක ගුවන් තොටුපලේදී තමයි නිරාන් හමුවුණේ. නිරාන් "ශ්‍රී ලංකා එයා ලයින්" රැකියාව කරනවා. මුලදී අපි කතා කළේ රාජකාරී මට්ටමින්.


    නිරාන් - පාරමී දැකපු හැටියේ මම හිතුවේ ජපන් ගැහැනු ළමයෙක් කියලා. මම ළඟට ගිහින් කතා කළා. එතකොට තමයි දැනගත්තේ ඇය ලංකාවේ බව. ඒ වෙලාවේ රාජකාරී මට්ටමෙන් මම පාරමීට උදව් කළා. පස්සේ දුරකථනයෙන් FB එකෙන් කතා කළා. දන්නෙම නැතුව දෙදෙනාගෙන්ම හිතේ ආදරයක් ඇති වුණා. හැබැයි මම පාරමී ගැන ආදර හැඟීමක් ඇති කරගන්න විට දැනගෙන හිටියේ නැහැ ඇගේ තාත්තා කැළුම් ශ්‍රීමාල් බව.

ඒ විදියට ආදරවන්තයින් වූ දෙදෙනා පසුගිය ජුනි 20 වැනිදා ජාඇල කල්එළිය ශාන්ත ජෝකින් පල්ලියේදී යුගදිව ගමන් ඇරඹුවේ දෙපාර්ශ්වයේම ආශිර්වාදය ඇතිවයි.

 විවාහ උත්සවයට පැමිණි විශේෂ අමුතෝ හින්දා අද අන්තර්ජාලය තුළ ඔබලාගේ මංගල උත්සවය ගැන බොහෝ අය කතා කරනවා.

මංගල උත්සවයට බලු සුරතලෙක් සහභාගි කරවාගන්නයි දෙවැනි ගමන සඳහා බලු පැටවුන් දෙදෙනක් එකතු කරගන්න කටයුතු කළේ මමයි. එහෙම කළේ පාරමී සතුන්ට ගොඩක් ආදරේ හින්දා.

පාරමී සතුන්ට බෙහෝ ආදරේ කරන කෙනෙක්ද?

    ඇත්තටම ඔව්. මම සතුන්ට ගොඩක් ආදරෙයි. මම පුංවි කාලේ ඉඳන් හීන මැව්වේ දවසක පශු වෛද්‍යවරියක් වෙන්නයි. ඉස්සර මම අපේ ගෙදරත් බල්ලන් ඇති කරනවා. ඒත් අම්මා කැමති නැහැ මම අනවශ්‍ය විදියට සතුන්ට ආදරේ දක්වන එකට. ඒ හින්දම තමයි මම පශු වෛද්‍ය ක්ෂේත්‍රයට යන අදහස අතැරලා IT තෝරාගත්තේ.


පාරමී සතුන්ට දක්වන ලෙන්ගතුකමට නිරාන්ගේ විරෝධයක් නැද්ද?

    නැහැ. මම ඇගේ සතුටට ඉඩ දෙනවා. දැනට පාරමී ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙලා ඉන්න හින්ද ඉදිරියේදී මමත් ඇය සමග එහි පදිංචියට යනවා. කාර්යබහුලකම හින්දා දැනට තමන්ගෙ ගෙදර සතුන් ඇති කරන්න විදියක් නෑ කියලා පාරමී දුක්වෙනවා. මමත් එහෙ ගියාම අපි හිතාගෙන ඉන්නේ සුරතල් බල්ලන් දෙදෙනකු ඇති කරන්න.

ආරියවංශ කුලතිලක (රිද්ම)
https://gallery.gossiplankanews.com/wedding/kelum-shrimal-daughters-wedding.html
Pix By -Suren Abeysundara