ළුතර පොල්ගම්පළ වික්‍රමශිලා විහාරස්ථානය බිඳ ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුත් චූඩා මාණික්‍යයක් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තාවේ.
සොරකම සිදුවන අවස්ථාවේ විහාරාධිපති හිමියන් රාත්‍රියේ ”මේ ආදරයයි” ටෙලිනාට්‍යය නරඹමින් සිටි බවත් පසුව පුටුවේම නින්ද ගොස් ඇති බවත් පැවසෙන අතර මේ අතරවාරයේ විහාරස්ථානයට ඇතුළු වූ පුද්ගලයකු
විහාරස්ථානයේ තිබූ ලක්ෂ එකහමාරක් පමණ වටිනා චූඩා මාණික්‍යය කඩා ගෙන ඇති අතර අල්මරියක තිබුණ රුපියල් 45,000ක මුදලක් ද සොරාගෙන ගොස් ඇතැයි මිගහතැන්න පොලිසිය කියයි.
පොල්ගම්පළ වික්‍රමශීලා පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති පස්දුන් කෝරළේ සහ කළුතර දිස්ත්‍රික්

ප්‍රධාන සංඝ නායක ලෙස කටයුතු කළ මෙම පන්සලේ විහාරාධිපතිහිමියන් අවුරුදු 89 ක වයෝවෘද්ධ හිමි නමකි.

සිද්ධිය සිදුවූ ඉකුත් 12 දා රාත්‍රී 9 ටපම  ආවාස ගෙයි රූපවාහිනියෙන් තමන් නිතිපතා බලන "මේ ආදරයයි".
ටෙලිනාට්‍යය සුපුරුදු ලෙස නැරඹූ බවත් පසුව පුටුවේම නින්ද ගිය බවත් මධ්‍යම රාත්‍රියේ අවදිවී විදුලි
පහන් නිවා නිදන කාමරයට යනවිට අමාරීයේ  යතුරු සහිත ලාච්චු නොමැති බව දුටු බවත් විහාරාධිපති හිමියන් පොලිසියට ප්‍රකාශ කර තිබේ. පසුව කාමරයට ගොස් බලන විට පලු තුනකින් යුතු අල්මාරියේ එක් දොර පලුවක් විවෘත කර තිබූ බවත් එහි ඇඳ මත යතුරු  වෙන්කර තිබූ බවත් කටඋත්තරයේ සඳහන් වේ.

ඉන්පසු තමන් වහන්සේ සාලයට ගොස් විදුලි පහන් දල්වනවාත් සමඟම ඒ අසල සැඟවී සිටි අයකු පුටුවේ තිබූ සිවුරක් ගෙන තම මුහුණට දමා තල්ලු කර පලා ගිය බවත් ඒ සොරා වියහැකි බවත් උන් වහන්සේ දන්වා තිබේ.
 පසුව පරීක්ෂා කිරීමේදී අල්මාරියේ තිබූ රුපියල් 45,000ක් සහිත මුදල් පසුම්බිය නොතිබූ බව ප්‍රකාශ කර ඇත. පසුදින බලනවිට නිදන කාමරයේ තිබූ කොස්සක් එළියට ගෙන ගලක ගැටගසා චූඩා මාණික්‍යය කඩා තිබූ බවද එහි වටිනාකම රුපියල් ලක්ෂු 1 1/2ක් පමණ වන බව ද උන්වහන්සේ  සඳහන් කර තිබේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ පන්සලේ වෙනත් අය සිටි බවක් හිමි නම දන්වා නැත.
මේ ගැන පොලිස් පරීක්ෂණ අරඹා ඇත.