ඉන්දියාවේ පැරණි චෝල පාලන සමයේදී ඉදිකරන ලද පන්චාවාරන්ස්වාමි දේවාලයේ තිබිල තමයි මේ කැටයම හමු වෙලා තියෙන්නේ. ඇත්තටම මෙය සැබැ කැටයමක්නම් මිනිසුන් සැබෑ ලෙසම පාපැදි බාවිතා
කර තිබෙන්නෙ මීට

වසර 2000 පමන පෙර සිටය.
 මෙම කැටයම ගැන මුලින්ම වාර්තා කර තිබුනේ ප්‍රවීන් මොහාන් නැමැත්තෙක් youtube වීඩියෝ එකක් හරහාය ඔහු එහිදී පවසා සිටින්නේ දේවාලයේ අදුරු කොනක පාපැදියක් පදින මිනිසාගේ කැටයම තිබී හමුවූ බවයි..
පාපැදිය මුලින්ම සොයාගෙන තිබෙන්නේ 1800 පමණ කාලයේය ඒ මීට වසර 200 පමණ පෙරය එමෙන්ම චෙන් යොදා සැකසු පාපැදියක් මුල් වරට පැමිණෙන්නේ 1885 පමණ කාලයේය නමුත් මේ දේවාලය වසර 2000 පමණ පැරණි එකකි . මොහාන්ගේ වීඩියෝ එකේ තිබෙන කැටයමේ තිබෙන්නේ චෙන් යොදා සැකසු පාපැදියකි ...
මේ ගැන හරි පැහැදිලි කිරීමක් කිරීමට කිසිවෙකුත් සමත් වී නැත මේ ගැන අදහස් දක්වන ආචාර්ය කලිකොවන් සදහන් කර සිටියේ මෙය නිර්මාණය කල මුර්ති ශිල්පිය පාපැදියක් දැක පුදුමයට පත්ව සදහටම පැවතීම සදහා ගල් කැටයම් කලා විය හැකි යන්නයි