දකුණු ලන්ඩනයේ සිදූවූ පිහි ඇණුමකින් ශ්‍රී ලාංකික සම්භවය ඇති අයෙකු ඝාතනය වී ඇතැයි වාර්තාවෙයි.
අරුනේෂ් තංගරාජ් නමැති දෙමළ තරුණයෙකු මෙසේ ඝාතනය වී තිබේ.

දකුණු දිග ලන්ඩනයේ මෙන්ත්‍රෝස් උද්‍යානය ආසන්නයේ දී ඊයේ (20) අළුයම 03.30ට පමණ මෙම පිහි ඇණුම සිදු කර ඇත.

එම ලාංකිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයකු අල්ලාගෙන ඇත.
මෙම ඝාතනය සියැසින් දුටු අයෙකු විසින් මේ පිළිබඳව ලන්ඩන් හදිසි ඇමතුම් අංශ වෙත දැනුම් දී පොලිස් නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ පිහි ඇණුමට ලක් වූ ලාංකිකයාට ප‍්‍රතිකාර කළ ද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
 ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.