මැලේසියාවේ විප්ලවීය මැතිවරණයකින් පසු ජය ලබා ගත්  මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සිදු කළ රහසිගත හමුවක් පිළිබඳව මැලේසියානු මාධ්‍ය ඊයේ වාර්තා කොට තිබුණි.


හිටපු මලයාසියානු නජීබ් රසාක් ජනපතිවරයා සමයේ මහතීර් මොහොමඩ් හා ඔහු අතර පැවති බද්ධ වෛරය නිසා
මෙම හමුව සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මලයාසියානු නිල රාජ්‍ය සංචාරය 2016 දෙසැම්බර් 17 වන දින  රහසිගතවයි.
 ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා රැඳී සිටි කාමරයේදී මෙම හමුවීම සිදුව ඇත්තේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයාද නොදැනුවත්ව බව අදාල මාධ්‍ය වාර්තා කොට තිබුනා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාමරය තුලදී සිදුකල සාකච්ඡාවේ ප්‍රධාන කාරණා කිහිපයක් මේ වන විට මාධ්‍ය වාර්තා කරනවා. එහිදී 1980 දශකයේදී මැලේසියාව ගොඩ නැඟීමට ඔහු කල වෙනස් කිරීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.