සමරිසි පුද්ගලයන්ගේ සිවිල්, දේශපාලන හා සංස්කෘතික හා මානව අයිතීන් සම්බන්ධ වැඩමුළුවක් ලබන 9දා කොළඹදී පැවැත්වීමට ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය කටයුතු යොදා තිබේ.


2018 කොළඹ අභිමානයට සමගාමීව එම වැඩසටහන පවත්වන බව ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා සඳහන් කළාය. මානව ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා විවිධ අනන්‍යතාව, විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව

පිළිබඳ වාර්තාකරණය ආදී මාතෘකා කෙරෙහි එම වැඩමුළුවේ අවධානය යොමු කෙරෙයි.



දෙනගම ධම්මික රණවීර