කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශිෂ්‍යයකුට කුලියාපිටිය තිස්ස මාවත් දී බිම පෙරළාගෙන අමානුෂික ලෙස පහරදුන් බව කියන පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කුලියාපිටිය
ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පරාජය වූ අපේක්ෂකයකු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
කුලියාපිටිය බස්‌ නැවතුම්පළ අසල තිස්‌ස මාවතේදී සවලක්‌ හා ආරක්‌ෂක හිස්‌වැසුමක්‌ භාවිතා කොට මෙසේ සිසුවාට පහරදුන් ආකාරය සීසීටිවී කැමරාවල සටහන් වී තිබිණි. මේ අතර එම සිසුවාට පහරදීමට හවුල් වූ

බව කියන වයස අවුරුදු 16 ක සිසුවකු අත්අඩංගුවට ගෙන නාරම්මල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු රැඳවුම් නිවාසයක රඳචා තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.
කුලියාපිටිය බස්නැවතුම්පල අසල පිහිටි තිස්ස මාවතේ දී එම සැකකරුවන් ආරක්ෂිත හිස්වැසුමකින් සහ සවලකින් බිම පෙරළාගෙන සිසුවාට පහර දී තිබෙන අතර එම පහරදීම දැක්වෙන සීසීටීවී දර්ශන පොලිසියෙන් මාධ්‍යයට ද නිකුත් කර තිබිණි. පහර කෑමට ලක්වූ සිසුවා කුලියාපිටිය මූලික රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබූ අතර ඔහු පෙරේදා (02) රෝහලෙන් පිටවී ගොස් තිබිණි.