දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය නවීකරණය කිරිමේදී එය මෙතැන් සිට දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා ජාතික ක්‍රීඩා ඇකඩමිය
ලෙස ව්‍යහාර කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.  එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව මහින්ද රාඡපක්ෂ ක්‍රීඩා සංවර්ධන
පදනම් මෙහෙයවීමෙන් ඉදිවූ දියගම  මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංක්රියය වසර 2009 නොවැම්බර් මාසයේදී
විවෘත කරනු ලැබිය. එහි විශේෂත්වය වූයේ ශ්‍රී ලංකාවේ ක්‍රිඩාංගණයක ඉදිවූ දෙවැනි කෘත්‍රිම මලල ක්‍රීඩා ධාවන පථයෙන් එය සමන්විත වීමය. මීට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දියගම විකාශනාගාරය ස්ථාපිතව තිබූ භූමි භාගය පසු කලෙකදී මෙලෙස දියගම මහින්ද රාඡපක්ෂ ක්‍රීඩා සංකීර්ණය බවට පත් ව තිබුණි.
ඒ සඳහා අක්කර 125 කින් පමණ සමන්විත භූමි භාගයේ අක්කර 45කට ආසන්න කොටසක් යොදා ගැනුණ. එහි ඉදිකිරීම් අතර ශ්‍රී ලංකාවට ආගන්තුකව තිබූ වෙඩෑම් කෘත්‍රිම පාපැදි ධාවන පථයකින්ද සමන්විත විය. කෙසේ වුවත් නියමිත ප්‍රමිතියට අනුකූල නොවන

ඉදිකිරිමක් බවට පත්ව තිබූ එම පාපැදි ධාවන පථය පසුව කඩා දැමූ අතර පසුව එම ස්ථානයේ පිහිනුම් තටාකයක් ඉදි කෙරුණි. මේ වන විට අබලන් තත්ත්වයට පත්ව තිබෙන දියගම ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය වෙනුවට අලුත් ධාවන පථයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ තව සංවර්ධන ව්‍යාපෘතිය යටත් පළමුව එළිම ආරම්භ කෙරේ. ක්‍රීඩා අමාත්‍යගයේ ඉදිරි දෙවසරක එහි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අංගසම්පූර්ණ ඡාතික ක්‍රීඩා විද්‍යායතනයක් (ඇකඩමියක්) ද එහිදී
ස්ථාපනය කෙරේ. පසු කාලයේදී දියගම පිටිය කෘත්‍රිම ධාවන පථයේ ප්‍රමිතිය පිළිබඳව කතාබහක් ඇති විය. එහෙත් සුගතදාස පිටියේ කෘත්‍රිම මලල ක්‍රීඩා ධාවන පථයේ අබලන්වීමත් සමඟ දිවයිනේ සියලු ප්‍රමුඛතම මලල ක්‍රීඩා තරග දියගම පිටියේ පැවැත්වීමට කටයුතු කිරීම තුළ එහි කෘත්‍රිම ධාවන පථයට වඩාත් වටිනාකමක් ලැබුණි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ දියගම ක්‍රීඩා සංකීර්ණයෙන් මහින්ද රාජපක්‍ෂ නාමය ඉවත් කිරීමට ගත් තීරණයෙහි කිසිදු දේශපාලන ක්‍රියාදාමයක් නොමැති බවයි. වසර 2020 දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල් සත්කාරය බාරගැනීමට සූදානම් වන අතර එයද සැළකිල්ලට ගනිමින් දියගම ක්‍රීඩා සංකිරණය මෙසේ ඉහළින් තවීකරණය කිරීමට වැඩිදුරටත් ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකිර්ණයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේ (2016) සමස්තර උත්සවයට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එදා ප්‍රකාශ කළේ දියගම ක්‍රිඩා සංකීර්ණය අධ්‍යාපන අමාත්‍යාංශයට් පවරාගෙන සංවර්ධනය කිරිමට රඡය තිරණය කර තිබෙන බවයි
(නාමල් පතිරගේ)