චෙන්නායිහි ප්‍රධානතම ක්‍රීඩාංගණය වන චෙපොක් ක්‍රීඩාංගණයට නාගයන් මුදාහරින බවට උද්ඝෝෂකයින් කළ තර්ජන නිසා චෙන්නායිහිදී පැවැත්වීමට නියමිත සියලුම අයි.පී.එල්. තරග පූනේ නගරය වෙත ගෙනයාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

"පොලිසිය අපට කිව්වා පවතින තත්ත්වයේ හැටියට ඉදිරියේදී පැවැත්වෙන තරග වලට ආරක්ෂාව දෙන්න එයාලට පුළුවන් කමක් නෑ කියලා. ඒ නිසා තරග චෙන්නායි වලින් පිටතට ගෙන යන්න සිද්ධ වෙනවා" යයි අයි.පී.එල්. තරගාවලියේ සභාපති රජීව් ෂුන්ද්‍රා මහතා තහවුරු කර තිබේ.
කාවේරි නදියේ

ජලයෙ බෙදීයාම සම්න්ධයෙන් ඇතිව තිබෙන විරෝධතා මත චෙන්නායි අයිපීඑල් තරග වර්ජනය කරන ලෙස ක්‍රීඩකයින්ට හා ප්‍රේක්ෂකයින්ටද පසුගිය දිනවල බලපෑම් එල්ල වූ අතර ඒ සඳහා දේශපාලන සංවිධාන හා විරෝධතා පිරිස් බලපෑම් කළ බව වාර්තා විය.
දකුණු ඉන්දීය නළු රැජිණි කාන්ත්ද මේ සම්බන්ධයෙන් බරපතල විරෝධය පළ කරන අයෙකි.
පසුගිය අඟහරුවාදා චෙන්නායි පිලත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් අතර පැවැති තරගයේදී ක්‍රීඩාංගණය ඇතුළත මෙන්ම පිටතත් මේ සම්බන්ධ විරෝධතා පැවැත්වූ අතර නයි ගෙනත් දමන බවට තර්ජනය කර බියගැන්වුනේ මෙම අවස්ථාවේය.