චීනයේ ජියන්සි පළාතේ පිහිටා ඇති පොයැන්ග් විල එරට විශාලම විල ලෙස කාලයක් පැවති නමුත් දැනට වසර කිහිපයක සිට අධික නියඟය සමග ඇදහිය නොහැකි ලෙස සිඳීයාමට පටන් ගෙන තිබේ.

අඩි 82 ක් ඉහළට ජලය පැවති බව කියන මෙම විල අද පතුල සිඳී කොටසක තණකොළ වැවී ඇත.

පාරිසරික වෙනස්කම් වල බලපෑම් මත මෙම විල සිඳීයාම ිසදුව ඇති බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.
කාලයක් විශාල බොට්ටු ධාවනය කළ මෙම විලට අද අත්ව තිබෙන ඉරණම පසුගිය සතියේ නිකුත්වූ ඡායාරූප කිහිපයක් නිසා නැවත කථාබහට ලක් විය.