බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ බිරිය හා නිළියක හා දේශපාලනඥයකු වන ජයා බච්චන්ගේ 70 වන උපන්දින සැමරුම ඊයේ පැවැති අතර එම අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් සමීප නළු නිළියන් මෙන්ම පුතු
අභිෂේක් බච්චන්ද සහභාගී වුවත් ලේලිය වූ අයිෂ්වර්යා රායි නොපැමිණීම කැපී පෙනිණි.
විවාහ වූ අලුත අයිශ්වර්යා හා

අභිෂේක් බච්චන් අභිෂේක්ගේ මව පියා සමග එකම නිවසක සිටියත් පසුව ඇතිවූ විරසකකම් නිසා වෙනම ජීවත්වන්නට ගීය අතර නැන්දම්මා ලේලි විරසකය නිසා ඊයේ උත්සවයට නොපැමිණි බවද බොලිවුඩ් ගොසිප් අඩවි වාර්තා කර තිබේ. නමුත් සත්‍ය ලෙසම ඇය පුනේහි පැවති සම්මාන උත්සවයක් මගහරින්නට බැරි නිසා එහි ගිය බව එන්ඩීටීවී වාර්තා කරන ලදි.