දැන් පාරේ ස්කූටර් වැහි වැහැලා. හැබයි Sport ස්කූටර් කියන ඛණ්ඩය ලංකාවේ නැති තරම්. එහෙම තිබ්බත් තියෙන්නේ Sport ස්කූටර් එකට ආසා කරන අය විසින් විශේෂයෙන්ම ගෙන්වන ලද ස්කූටර්. යුරෝපා රටවල් වල නම් Sport ස්කූටර් හරිම ජනප්‍රිය ස්කූටරයක්. මේ Sport ස්කූටර් සාමාන්‍ය ස්කූටරයකට වඩා තාක්ෂණයෙන් වෙනස්. ඊට මුලික හේතුව වන්නේ Sport ස්කූටර්
නිෂ්පාදනය කරන්නේ වේගය සහ ආරක්ෂාව ගැන අවධානය යොමු කරමින්. කොටින්ම කිව්වොත් හැමෝම දන්නා Ferrari, Lamborghini වගේ Sports කාර් වල Design එක, එන්ජිමේ තිබෙන උසස් තාක්ෂණික ක්‍රියාකාරීත්වය, ගියර් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වේගය සඳහාම නිෂ්පාදනය කර තිබෙනවා.

අද අපි ඔයාලට කියන්න යන්නේ ලංකාවට අලුතෙන්ම ගෙන්වන ලද Aprilia SR150 Sport ස්කූටර් එක ගැන. Aprilia කියන්නේ ලොව Super bike (සුපර් බයික්) නිෂ්පාදනයේ අංක එකේ සිටින සමාගම. ඒ සමාගමේ නවතම නිෂ්පාදනය වන Aprilia SR150 ස්කූටර් එක මෙතෙක් ලංකාවේ ස්කූටර් වෙළදපොලේ නොතිබුණු සුපිරි අත්දැකීමක් ස්කූටර් ලෝලීන්ට ලබා දෙන්න සුදානම් වෙනවා.

Engine

Aprilia SR150 ස්කූටරේ එන්ජිම 150CC Euro 4 එන්ජිමක්. ලංකාවේ වෙළදපොලේ තිබෙන සාමාන්‍ය ස්කූටර් වල එන්ජිම 115CC වලට අඩු අගයක තමයි තිබෙන්නේ. එන්ජිමේ තිබෙන අඩු බලය නිසා උපරිම වේගය 40-60 අතර සීමා වෙනවා. නමුත් Aprilia SR150 ස්කූටරය එහි තිබෙන 150cc එන්ජිම නිසා තප්පර 10ක් වැනි සුළු කාලයකදී උපරිම වේගය පැයට කිලෝමීටර 100 කට පහසුවෙන්ම ලංවිය හැකියි.

Breaking system

Aprilia SR150 ස්කූටරේ ඉදිරිපස ඇති 220mm ඩිස්ක් බ්‍රේක් (Disk break) පද්ධතිය සහ පසුපස ඇති 140mm ඩ්‍රම් බ්රේක් (Drum break) පද්ධතිය පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ගමන් කරන අවස්ථාවකදී වුවත් අඩි කිහිපයකින් නැවැත්වීමේ හැකියාවක් ලබා දී තිබෙනවා.

Wheel and Tires

මෙම ස්කූටරයේ එන අගල් 14" Alloy Wheel සහ 120-70-14 Sport ටයර් නිසා ස්කූටරයේ පෙනුම වගේම ධාවනයේදී ලැබෙන හැසිරවීමේ පහසුව නිසා එක් වතාවක් හෝ මෙම ස්කූටරය ධාවනය කරන ඕනෑම කෙනෙක් Aprilia SR150 ස්කූටරය මිලදී ගන්න පෙළබෙනවා. මෙම Sport ටයර සහ අගල් 14" ඇලෝයි වීල් නිසා වංගු ගැනීමේදී අංශක 45 කෝණයකට ස්කූටරය ඇලකිරීමේ හැකියාව ස්කූටරයේ වේගය එක දිගට පවත්වාගෙන යාමට උපකාරී වෙනවා.

Design and Safety

Aprilia සමාගමටම අවේනික වූ සුපර් බයික් තාක්ෂණයෙන්ම නිපදවා ඇති Aprilia SR150 ස්කූටරයේ චැසිය සිට පිටත රාමුව දක්වා ස්කූටර් ධාවකයාගේ ආරක්ෂාව මුලික කරගෙන නිෂ්පාදන කර තිබෙනවා. ඊට මුලික හේතුව වන්නේ සාමාන්‍ය ස්කූටරයකට වඩා වැඩි වේගයක් පහසුවෙන්ම ලබා ගැනීමේ හැකියාව නිසාමයි.

මෙම ස්කූටරයේ බාහිර අලංකාරය වැඩිකිරීම සඳහා Aprilia සමාගම සුපර් බයික් හෙඩ් ලයිට් වලට සමාන ඩබල් බැරල් හෙඩ් ලයිට් යොදා නිෂ්පාදනය කර ඇති අතර දහවල් කාලයේදී ඇතිවන අනතුරු අඩු කිරීමේ අරමුණෙන් on-light එහෙමත් නැත්නම් running light සමග පැමිණෙනවා.

Aprilia SR150 ස්කූටරය ලංකාවට ගෙන්වා බෙදාහරින්නේ Colonial Motors Ceylon Ltd. ආයතනයයි. මේ ස්කූටරයේ Test ride එකක් යන්න, වැඩි විස්තර දැනගන්න අමතන්න 011 7699555.

(sponsored article)