සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බිරිඳ ග්‍රේස් මුගාබේ
ඇත් දළ

ජාවාරමක නිරත වී සිටි බවට වාර්තා පළවීම නිසා එරට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
සිම්බාබ්වේ රටේ උද්‍යාන හා වනසත්ව අධිකාරියේ නීති රීති වලට පිටින් යමින් ජනපති බලතල වලට මුවාවී හිටපු ජනපති බිරිඳ නීතිවිරෝධී ජාවාරමින් මිලියන ගණන් උපයා ඇතැයිද වාර්තා විය.
චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයකට මෙම ඇත් දළ විකුණා ඇතැයිද පැවසේ. කෙසේ වෙතත් ඇය මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.