තමා ශ්‍රී දේවී අහිමිවීමෙන් තනිවූ බවත් ශ්‍රීදේවී නොමැතිව ගෙවන්නට සිදුවී ඇති ජීවිතයේ දැන් එකම අරමුණ දියණියන් දෙදෙනා රැකබලා ගැනීම බවත් සිය ආදරණීය බිරීය ආදාහනය කිරිමෙන් පසු ශ්‍රී දේවි ගේ සැමියා වන ප්‍රකට සිනමාවේදී බොනී කපූර් අතිශය සංවේදී සටහනක් තබබින් ප්‍රකාශ කොට ඇත.

ශ්‍රීදේවිගේ ට්විටර් ගිණුම හරහා අවසන් සටහනක් තබමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම පවුල කැරකුණේ ශ්‍රීදේවි නම් වු අක්ෂය වටා බවය. මිතුරියක්, බිරියක් වගේම දියණියන් දෙදෙනාගේ මව නැතිවීම වචනයෙන් විස්තර කළ නොහැකි පාඩුවකි.
එම අවස්ථාවේ බොනී කපූර්

පළමු කසාදය ගැනද මතක් කර තිබෙන අතර
අර්ජුනගේ සහ අංශුලගේ (පළමු කසාදයේ දරුවන්) ආදරය සහ උපකාර මෙන්ම මගේ ජීවිතයට ශක්තිය දෙන ජාන්වී සහ කුෂ්වි (දිය ණියන් දෙදෙනා) මා වෙත සිටීම ආශිර්වාදයකි. පවුලක් ලෙස විඳ දරාගත නොහැකි මේ අහිමිවීමට අප මුහුණ දෙන්නෙමු යනුවෙන් බොනී කපුර් එම සටහනේ ලියා ඇත. පර්වතයක් සේ තමා අසලින් මේ අවස්ථාවේ සිටීම ගැන තම පවුලේ අයට, හිතමිතුරන්ට, එකට සේවය කරන්නන්ට සහ රසිකයන්ටත් ස්තුති කර ඇති බොනී කපූර් ඔහුගේ සටහනේ පහත වදන් ද ඇතුළත් කර තිබේ.
           ලෝකයාට ඇය චාන්දනී විය.... අති විශිෂ්ට රංගන ශිල්පිනිය විය.... ඔවුන්ගේ ශ්‍රීදේවිය විය.... නමුත් මට, මගේ ආදරය, මිතුරිය සහ මගේ දියණියන්ට මව විය.... සහකාරීය.... අපේ දියණියන්ට ඇය සියල්ලම විය.... ඇය ඔවුන්ගේ ජීවිතය වුවාය....
 ''ඇය අපේ ජීවිතය, අපේ ශක්තිය, සිනාව අප සමඟ රැඳී සිටීමට හේතුව වූයේ ඇයයි. අපි මැනිය නොහැකි තරමට ඇයට ආදරය කළෙමු. මගේ ආදරය සාමයේ සැතපේවා. අපේ ජීවිත කිසිදිනක කලින් තිබුණා වගේ නොවනු ඇත''