ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිගින් දිගටම අවස්ථාවක් නොලද ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක තනතුරේ
වැඩ භාරගැනීම සදහා

ඊයේ (29)දා පාන්දර ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට මාස 06කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ස්ථානය අහිමිව සිටින මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියටද ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වුවද තවමත් ඔහුගේ සේවය මෙරට ක්‍රිකට්වලට අහිමිව ඇත.

ශ්‍රී ලංකාව බිහිකළ අග්‍රගණය පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන මුම්බායි ඉන්දියන්ස්ක ණ්ඩායම සමග පන්දු යැවීමේ උපදේශකයෙකු  ලෙස ලසිත් මාලිංග එක්වූයේ පළමු වරටය. ඒ  මෙවර අයි.පී.එල් තරගාවලිය සඳහා මාලිංගව කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් හෙයිනි.

මේ වන විට 34 හැවිරිදි වියෙහි පසුවන මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයෙහි වෙනසක් මෙවර තරගාවලිය තුළ සිදු කරනු ඇති බව විදෙස් ක්‍රිකට් විචාරකයන් මත පළ කර තිබේ.