කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි.
කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි.

පසුගිය දිනෙක

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල වෙඩි තැබීමකින් පසු අවට සිටි පුද්ගලයන් එක් වී එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට පහර දී මරාදැමීම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසිය සැක පළ කර තිබේ.
කෙසේ නමුත් අද උදෑසන හමු වී ඇති මිනිස් හිස, මුස්ලිම් ජාතිකයෙකුට අයත් වීම සහ,  පාතාල සිදුවීමක් වශයෙන් සැලකෙන අලුත්කඩේ වෙඩි තැබීමේ සිද්ධිය එකිනෙකට සම්බන්ධ කර ජාතිවාදී තත්වයක් ඇතිකිරීම සඳහා ඇතැම් අවස්ථාවාදීන් ගන්නා උත්සාහයන් ගැන ද පොලිසියේ අවධානය යොමු වී තිබේ.ෙ
අදාළ  සිදුවීම සහ මේ වන විට පැතිර යන ජාතිවාදී කැළඹීම් රැල්ල අතර සම්බන්ධයක් නොමැති නමුත් ඇතැම් අවස්ථාවාදීන් මෙම සිදුවීමෙන් වාසි ලබාගත හැකි බැවින් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසයි‍ෙ
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් (STF) සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානගත කර තිබේ
කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.