අද (7) වනදා නුගෝගොඩ නගරයේ පවත්වන්නට සූදානම් කර තිබුණ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ

රැස්වීම අවසන් මොහොතේ කල්දැමීමට හේතු වූයේ එය කඩාකප්පල් කිරීමේ සැලසුමක් හා එය මැදට මුස්ලිම් ප්‍රශ්නයක් ඇති කිරීමේ පිටස්තර සැලසුමක් හෙළිවූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සදහන් කරයි.
ඔහු කියා සිටින්නේ
‘අද නුගේගොඩ රැස්වීම අපට තියන්න පුළුවන් කමක් තිබුණා. නමුත් මේ දිනවල මුස්ලිම්-සිංහල ජාතිවාදී ගැටලුවක් රටේ පවතින තත්වය තුළ එහි දේශපාලන වාසිය ලබාගන්න පිරිසක් අපේ රැස්වීම අතරේ මුස්ලිම් කඩවලට පහරදීලා වරද අපේ පිට පටවල කුමන්ත්‍රණයක් තියන්න යන බවට අපට බවට කරුණු එළි වුණා. ඒකයි අපි ඒක නතර කළේ.‘