වැලිකඩ බන්ධනාගාර රෝහල ඇතුළු බන්ධනාගාර රෝහල පසුවන ප්‍රභූ සිරකරුවන් පිරිසක් අගුණකොළපැලැස්ස නව බන්ධනාගාරයක් ඉදිකර ඇති සුපිරි රෝහලට ඇතුළත් වීමේ සූදානමක් පවතින බව එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය තරයි.

වසර ගණන් බන්ධනාගාර

රෝහවල නේවාසිකව පසුවන සිරකරුවන් මෙන්ම සැකකරුවන් පිරිසක් මේ අතර වන බවද පැවසේ.
බන්ධනාගාර රෝහල පවතින තදබදය මුවාවෙන් මෙම පිරිස එම සියලු පහසුකම් සහිත අකුණකොළපෑලැස්ස බන්ධනාගාර රෝහලට ඇතුළු වීමට උස්සාහ දරන බවද දැනගන්නට තිබේ.
වෛද්‍යවරුන් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද මේ සඳහා සහය ලැබෙන බවද දැන ගන්නට තිබේ.
මේ පිළිබඳව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එවැන්නක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබී ඇති බවය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු කියා සිටියේ බන්ධනාගාරවල පවතින තදබදය
හේතුවෙන් අකුණකොළපෑලැස්ස ඛන්ධනාගාරයට මාරුකර යැවිමට සිරකරුවන් නම්කර යවන ලෙස බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනුම් දී ඇති බවය. මෙහි විශාල ඉඩකඩක් පවතින බවද තවත් සිරකරුවන් 700 ක් පමණ එහි රැඳවිය හැකි බවද ඔහු කීය.