උපන් දිනය දා වෙරි වී කාන්තාවන් දෙදෙනකුට අසැබි දසුන් පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු ගලේවෙල පොලිසිය අන්අඩංගුවට ගෙන ඇත. බීමතින් ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ දුම්වැටියක් ඉල්ලා සිදුවූ බහින්බස් වීමක් මත හෝටලයේ සේවය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකුට
පහර දී අසහ්‍ය

වචනයෙන් බැන වැදී අසැබි දසුන් තරුණීයන්ට පෙන්වීම කළේ යැයි ගලේවෙල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම තරුණයන් අත්අඩංගුවට ගෙන තිබේ.
 අවට පිරිස පැමිණෙනවාත් සමග දෙදෙනා පැමිණි යතුරුපැදිය ද දමා කලිසම් ගලවා දමා එම ස්ථානයෙන් යට ඇඳුම් පිටින් පාර දිගේ දිව ගිය බව අදාළ තරුණීයන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජනක විතානගේ මහතා තරුණයන්
දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමේදී කියා ඇත්තේ එක් තරුණයකු විවාහ වී දරුවකු ද සිටින බවත් අනෙක් තැනැත්තා අවිවාහක අයකු බවත් ය. එක් තරුණයකුගේ උපන් දිනය සැමරිම සඳහා මෙම දෙදෙනාම මත්වතුර පානය කර නිවෙස් බලා යන අතරතුරදී මෙය සිදු වූ බවත් පළමු වතාවට සමාවක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කොට තිබුණ ද මෙම පුද්ගලයන් දෙදෙනා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ගලේවෙල පොලිසිය සඳහන් කළේය. සැකකාර තරුණයන් දෙදෙනා ගලේවෙල - පහළ වැව ප්‍රදේශයේ සහ කුරක්කංහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.