ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබී ජොයිස් සිය බිරියට හොරෙන් හිටපු මාධ්‍ය ලේකම්වරිය සමග පැවැත්වූ අනියම් ඇසුරක් හේතුවෙන් දරු පිළිසිඳගැනීමක් සිදුවී තිබීමේ ආරංචිය නිසා ජනතා අප්‍රසාදයට ලක්ව තිබේ.
ඔහුගේ පුද්ගලික ප්‍රශ්නය ප්‍රධාන ධාරාවේ
ගැටලුවක් බවට පත්ව තිබෙන අතර එය ඔහුගේ දේශපාලන ජීවිතයට තර්ජනයක් බවට පත්ව ඇත. මාධ්‍ය මගින් ජනමත විමසුමක් සිදුකිරීමේදී
ඔස්ට්‍රේලියානුවන්ගෙන් 2/3ක පිරිසකට ම එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබී ජොයිස් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය බවට දන්වා තිබේ.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ,

සිය විවාහක බිරිඳට රහසින් තම හිටපු මාධ්‍ය ලේකම්වරිය සමග පැවැත්වූ සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබිණියක වී තිබීම අමතක කර ඉවත දැමිය හැකි කාරණාවක් නොවන බවත් ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී පවුල් ජීවිතයේ වටිනාකම් වෙත වැඩි අවධානයක් දී ප්‍රචාර සිදු කර පසුව මේ ආකාර හැසිරීමක නිරතවීම මගින් මහජන විශ්වාසය කඩකර ඇති බවත් මේ ගැන ජනතාව කරුණු දක්වා තිබේ.නි අගමැතිවරයා මේ වනවිට පෙර විවාහයෙන් වෙන්ව සිටී.
කෙසේ වෙතත් මාධ්‍ය මතවිමසුම හෙළා දකිමින් ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.