සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශවල පිහිටි අෆ්‍රින් නම් වූ පළාතට තුර්කිය පසුගිය දා හමුදා යැව්වා.

තුර්කිය මෙම ක්‍රියාව සිදු කළේ තම දේශසීමා ප්‍රදේශයේ කුර්දි පාලන ප්‍රදේශයක් පැවතීම ඔවුන් විසින් තර්ජනයක් සේ සලකන නිසයි.

කෙසේ නමුත් තුර්කි යුධ හමුදා මෙම සටන් සඳහා ජර්මනියේ නිෂ්පාදිත යුධ ටැංකි වර්ගයක් වන ලෙපාර්ඩ් (දිවියා) යුධ ටැංකි යොදා ගත්තා.

තුර්කි යුධ මෙහෙයුම විවේචනය කරන අය පවසන්නේ ජර්මනිය තුර්කියට අවි සැපයීම නැවැත්වීමට කල් පැමිණ ඇති බවයි.

ලෙපාර්ඩ් යුධ ටැංකිය මේ වනවිට ලොව පවතින හොඳම යුධ ටැංකිය ලෙස Military Today වෙබ් අඩවිය විසින් මීට සුලු කළකට පෙර නම් කෙරුණා.

1980 ගණන්වල සිට තුර්කිය විසින් ජර්මන් යුධ ටැංකි 750 ක් පමණ මිලට ගෙන තිබෙනවා.