ෂින්ටෝ ආගමේ අනුගාමිකයින් සියගණනක් ජපානයේ ටෝකියෝහි වාර්ෂිකව පවත්වන සීතල ජල විඳදරාගැනීමේ උලෙළට පසුගියදා සහභාගි වුණා.

අධික ශීත කාලයේ තමන්ගේ සිරුරට කෙතරම් දරාගැනීමක් කළ හැකිදැයි පවසමින් වන්දනා කිරීමක් මෙහිදී සිදුවේ.
ඇඳුම් හැඳගත් කාන්තාවන්ද උඩුකය නිරාවරණිත පිරිමින්ද මෙයට එක්වෙනවා. ජපානයේ වැඩිම ශිතල පවතින ජනවාරි මාසයේ මෙම උළෙල පවත්වන්නේ වාසනාවේ අධිපති දයිකොකු වෙනුවෙනි. ටෝකියෝ නුවර චියෝදා පෙදෙසේ පැවති චාරිත්‍රය අතරතුර ඡායාරූප පෙළක් පහතින්