ඉන්දියානු පොලිසියට අවශ්‍යවම සිටි ත්‍රස්තවාදී සැකකරුවකු වූ අබ්දුල් සුබාන් කුරේෂි අත් අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය ජනවාරි 22 වනදා දහවල් සමත් වුණා.



ඉන්දියාවේ බින් ලාඩ්න් යන නමින් ද හැඳින්වූ කුරේෂි 2008 දී ගුජරාටයේ සිදුවූ බෝම්බ පිපිරුම් මාලාවකට සම්බන්ධ බව සැක කෙරෙනවා.

අහමදාබාද් සහ සුරාත් නගරවල ජනාකීර්ණ ස්ථානයන් හි 2008 ජූලි 26 වනදා සිදු වූ මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් 56 දෙනකු මිය ගියා.

කුරේෂි කලක් නේපාලයේ සහ වෙනත් රටවල සැඟව සිටි බව වාර්තා වන අතර අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඉන්දියාවේ ශිෂ්‍ය ඉස්ලාමීය ව්‍යාපාරය හෙවත් SIMI නම් ත්‍රස්ත සංවිධානයට නැවත පණ දීම සඳහා කටයුතු කරමින් සිටි බව පොලිසිය පවසනවා.

2014 දී බැංගලෝරයේ බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කිරීම, 2010 දිල්ලි බෝම්බ ප්‍රහාර සහ 2006 මුම්බායි දුම්රිය බෝම්බ ප්‍රහාර යනාදිය පිළිබඳ ද කුරේෂි සැකකරුවකු වනවා.

මෘදුකාංග ඉන්ජිනේරුවකු වන කුරේෂි 46 හැවිරිදි අයෙක්.