පිලිපීනයේ සක්‍රිය වී ඇති මියෝන් ගිනිකන්ද විශාල පිිපිරීමක්ට ආසන්නව පවතින හෙයින් ඒ ආසන්නයේ පදිංචිව සිටින ජනතාව 37000ක් පමණ මේ වන විට තම නිවාස වලින් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.


එහිදී ගිනි කන්දේ සිට කිලෝමීටර් 8 ක සීමාවේ එනම් අධි අවදානම් කළාපයේ සිටින සියළුම ජනතාව මෙසේ ඉවත් කර තිබේ.


එරට ගිනිකඳු පිළිබඳ විශේෂඥවරුන් පෙන්වා දෙන්නේ ඉදිරි දින කීපය තුල හෝ සති කීපය තුළදී විශාල පිපිරීමක් මෙම ගිනිකන්ද තුල සිදුවන බවයි.

මියෝන් කඳුවැටිය පිහිටා තිබෙන්නේ පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවරට කිලෝමීටර් 500ක් ගිනිකොන දෙසට වන්නටය. එය පහුගිය ඉරිදා සිට දුම් හා ලාවා පිටකරමින් පවතී.

මියෝන් කන්ද පිලිපීනයේ පිහිටි විශාල සක්‍රියව පවතින ගිනිකදුවලින් එකකි. එය පසුගිය වසර 500 තුලදී 50 වතාවක් පුපුරා ගොස් තිබේ. 1841 දී විශාල පිපිරුමක් ඇති කළ මෙම ගිනිකන්ද මගින් සම්පූර්ණ නගරයක්ම වැලලී ගිය අතර පුද්ගලයන් 1200ක් පමණ මිය ගිය බව වාර්තා වේ.