නිව් යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය අසළ ස්ථානයක සඳුදා දින පිපිරී ගිය කුඩා බෝම්බයකින් සැකකාර බෝම්බකරු ඇතුළු සිව් දෙනකු තුවාල ලැබුවා.

මෙම පිපිරීම සිදු වූයේ නිව් යෝර්ක් වරාය අධිකාරිය බස් පර්යන්තයේ සිට නගරයේ උමං දුම්රිය මාර්ගය වෙත ගමන් කරන ගමන් මගෙහිය​. නිව් යෝර්ක් වේලාවෙන් උදෑසන 7.20 ට පමණ මෙම පිපිරීම සිදු වුණා.


නිව් යෝර්ක් නගරාධිපති බිල් බ්ලැසියෝ කියා සිටියේ මෙය අසාර්ථක වූ ත්‍රස්ත ක්‍රියාවක් බවය​. ප්‍රහාරකයා අත වූ මූලික ගණයේ පයිප්ප බෝම්බයක් හදිසියේ පිපිරීමෙන් මෙම සිද්ධිය සිදු වුණා.

නිව් යෝර්ක් පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි අකායෙඩ් උල්ලා නමැත්තෙකු අත් අඩංගුවට ගනු ලැබුණා.

දිනපතා සිය ගමනා ගමන කටයුතු සඳහා අති විශාල පිරිසක් නිව් යෝර්ක් උමං දුම්රිය යොදා ගන්නවා. එහෙයින් මෙවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකියි.