පසුගිය සතියේ බ්‍රිතාන්‍ය රජ මාළිගය මගින් හැරී කුමරු හා ඇගේ පෙම්වතිය වන ඇමරිකානු නිළි මෙගන් මාර්කල් අතර විවාහය ලබන වසරේ සිදුවන බවට තහවුරු කිරීම නිසා බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙගන් අතුරුදන් වනු ඇති බවයි.

සාමාන්‍ය යෙන් රාජකීයයන්ට සපයන
ආරක්ෂාව පදනම් කරගෙන මෙම මාධ්‍ය අනාවැකිය පළව ඇත. ලබන නත්තල් දින රාජකීය උත්සව වලට මෙගන් සහභාගී වනු ඇති නමුත් ඇය ඉන්පසු කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක පෙනී නොසිටිනු ඇතැයි කියැවේ. ඇයට විවාහයට සූදානම් වීමට මෙන්ම තම ඇමරිකානු පවුල සමග කාලය ගත කිරීමට මෙම කාලය අවශයව ඇතැයි වාර්තාවේ.
මෙගන්ගේ පියා ගැන පසුගිය දිනවල ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය පළ කර තිබුණ අදහස් රජ පවුල පැත්තෙන් තවම තහවුරු කර නැත. මෙගන් හා හැරී මිතුදමක් පැවතියත් විවාහ වන්නට සිටියත් මේ දක්වා මෙගන්ගේ ඇමරිකාවේ සාමාන්‍ය නිවසක වාසය කරන පියා බලන්නට මේ දෙදෙනා ගොසින් නොමැති බවත් ඔහු ඇය අතහැර දමා වෙනම වාසය කරන්නකු බවත් එම වාර්තා වලින් කියැවුණි.සාමාන්‍ය යෙන් රජ පවුල සමග සම්බන්ධ වන අයගේ ගෞරවනීය හැසිරීම හෝ ගෞරවනීය චර්යා රටාවන් එම පවුල තුළ නොමැති බව එම වාර්තා මගින් ඉස්මතු කරන්නට උත්සාහ කර තිබුණි.