මීට වසරකුත් මාසයකට පෙර සමුගත් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය අමරදේවයන්ගේ 90 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ.
1927 දෙසැම්බර් 05 වන දිනයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් ඔහු උපත ලබා තිබුණි.
ඔහු

වඩාත් ප්‍රකට වන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කළ ‍‍ගෞරවණීය කලාකරුවෙකු හැටියටය.  ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගත්තේය.
පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

2016 නොවැම්බර් මස 03 වැනි දින ජීවන ගමනින් සමු ගත්තේය.
ඔහුගේ අවසන් මොහොත සනිටුහන් කළ අවස්ථාවේ වීඩියෝව