ඊයේ ඉන්දියාවේ පැවති රංජි කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගයක් අතරතුර පිටිය මැදට කාර් රථයක් පදවං ආ තරුණයෙකු නිසා කලබලයක් හටගත්තා.

අධික ආරක්ෂාවක් සහිතව පවත්වනු ලැබූ මෙම තරගය දිල්ලි කණ්ඩායම හා උත්තර ප්‍රදේශ් අතර පැවැත්වුනකි. සිද්ධිය අවස්ථාවේ ගෞතම් ගම්භීර්, ඉසාන්ට් ෂර්මා, රිසාබ් පාන්ට් වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයින්ද පිටියේ රැඳී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් විමතිය පළකර ඔවුන් ට්විටර් පණිවිඩද තබා ඇත.


මෙම සුසුකි වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු බවත් ඔහු විනෝදයට මෙය සිදු කර ඇති බවත් හෙළි විය. ආරක්ෂක නිලධාරීන් ඔහුව අල්ලා පොලිස් භාරයට යොමු කළ අතර පිට්ටනියේ තණකොළ වලට හා පිටියේ මැද කලාපයට හානි කිරීමේ වරදට හා ක්‍රිකට් තරගය අතරමග නවත්වමින් එයට බාධා කළ වරදට ඔහුව උසාවියට යොමු කර ඇත.
අධික ආරක්ෂණ විධිවිධාන මැද මෙවැනි දෙයක් සිදුකළ හැකිවූයේ කෙසේද යන්න ගැන විශේෂ පරීක්ෂණයක්ද අරඹා ඇත.