බ්‍රිතාන්‍යයේ කේට් කුමරිය ඇතුළු රාජකීයයන්ද ජනප්‍රිය සිනමා හා ගායන තාරකාවන්ද සේවාවන් ලබාගන්නා බව කියන ‘ලන්ඩන් බ්‍රිජ් ක්ලිනික්‘ නමැති ප්ලාස්ටික් සැත්කම් ශල්‍යාගාරයට
අදාළ රහස්‍ය ලිපිගොනු ඇතුළත්

පරිගණක කිහිපයක තොරතුරු අන්තර්ජාල හැකරුන් අතට පත්වීම නිසා ආන්දෝලනටක් හටගෙන තිබේ.

මෙම ලිපිගොනු තුළ අදාළ ප්‍රසිද්ධ පුද්ගලයින් ශරීරයේ විවිධ තැන් කෘත්‍රිමව සැකසීම සඳහා  වරින්වර සිදු කරගත් ප්ලාස්ටික් සැත්කම් රාශියක් ගැන විස්තර, ඒවා කළ අයගේ නම් ගම්, සැත්කම් වලට පෙර පසු ඡායාරූප ආදී තොරතුරු රැසක් අඩංගු බවත් මේ හේතුවෙන් ඒවා ඉදිරියේදී අන්තර්ජාලයට මුදාහැරියහොත් ප්‍රසිද්ධ අය විශාල පිරිසක් අපහසුතාවන්ට ලක්විය හැකි බවත් පැවසේ.

ඩාර්ක් ඕවර්ලෝඩ් නමින් තමන් හඳුන්වාගත් හැකර් කණ්ඩායමක් මෙම තොරතුරු සොරකම සිදු කළ බව වාර්තාවේ.
මෙම තොරතුරු පිටවන්නට පෙර වැළැක්වීම සඳහා මෙන්ම කළ අය අල්ලාගැනීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය මෙහෙයුමක් දියත්කර තිබෙන බවද බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ ඩේලි  ස්ටාර් මුල්පිටුවේ දක්වා තකිබුනේ පහත පරිදිය.