සිනමා නළු බුද්ධික ජයරත්න පසුගියදා පැවති දෙරණ සිනමා සම්මාන උළෙල සම්බන්ධයෙන් සිය ෆේස් බුක් පිටුව ඔස්සේ දීර්ඝ විවේචනයක් සිදු කර තිබේ. ඔහු සම්බන්ධවූ ‘පුතන්ඩියා‘ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 12 ක් පසුගිය වසර සඳහා සලකා නොබැලීම ගැනත් උත්සවයේ පැවති අසංවිධානාත්මක බව ගැනත් ඔහු චෝදනා එල්ල කර තිබේ. එම සටහන පහතින්


අපි අසරනවෙලා වගේ හිතට දැනෙනවා.........
......සිනමාව මායවක් කියා අසා ඇත. සිනමා සම්මාන උලෙලක් මායාවක් වූ කල එක කොතරම් ඛේදජනකද??........

පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පස්වන දෙරන සිනමා රාත්‍රිය පැවැත්වුණි.එහි නිර්දේශිත හා සම්මානයට පාත්‍ර වූ සියළුම සහෝදර සහෝදරියන්ට මා සුභ පතමි.නමුත් මා මේ සටහන තබන්නේ ඒ උත්කර්ෂය අතරේ සිනමාකරුවන්ට සිදුවු දැඩි අසාධාරණයක් හා වේදනාකාරී අත්දැකීමක් පිළිබඳව කතා කිරීමට හා එවැන්නක් නැවත නොවීමට සියලුම සම්මාන උලෙලන් සංවිධානය කරන සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කිරීමටය. සිනමාව මායාවක් යැයි මා අසා ඇත,නමුත් සිනමා උළෙලක්
මායාවක් වීම

කෙතරම් ඛේදජනකද? ඒ රාත්‍රියේ වැඩිපිරිසකගේ අවදානයට ලක්නොවු හා දැඩි අසාධාරණයන්ට ලක්වූ සිනමාපට රාශියකි. ඒ අතර අප "පුතන්ඩියා "සිනමාපයටද වෙයි.පුතන්ඩියා සිනමාපටයේ රේඛීය නිශ්පාදක ලෙස මා මෙය කතා කරන්නේ පුතන්ඩියා පමනක් පාදක කර නොගනිමිනි.කලාත්මක ධාරාවේ සිනමාපට අතර "පුතන්ඩියා" නිර්මාණය නොවූ බව අප හොදින් දන්නා අතර එනමුත් ගෞරවනීය ජුරියක් විසින් චිත්‍රපටය නැරබීමපවා අපහට මහත් ගෞරවයක් බව අපගේ අදහසයි. මා මෙම ලිපිය (දුක්ගැනවිල්ල) ලිවීමට හේතුව අප චිත්‍රපටයට ආරාධනාපත් ලැබීමේ සිට සිදුවු අසාධාරණකම් හා ඊට එහා ගිය සම්මාන උලෙලක සිදු නොවිය යුතු නමුත් සිදුවු සෝචනීය අත්දැකීම් මා කම්පනයට පත්කල නිසාය. එම අසාධරනය අප චිත්‍රපටයට පමනක් නොව චිත්‍රපට රාශියකට මෙවර සිදුවිය...

අප චිත්‍රපටය සදහා නිවැරදි ලෙස ආරාධනාවක් ලැබුනේ මට පමනි. මාගේ නිශ්පාදකවරුන්ට හා අද්‍යක්ශකවරයාට ඔවුන්ගේ ආරාධනාපත් සම්මාන උලෙලට දින කීපයකට පෙර නිශ්පාදක කන්ඩායම වෙත කෙනෙකු යවා ලබාගන්නා ලෙස සංවිදායක මන්ඩලය දන්වා තිබුනි. චිත්‍රපටයේ පසුබිම් ගීතය ගායනාකල ගයකා වූ විශාරද අමරසිරි පීරිස් මහතා හෝ සංගීත අධ්‍යක්ෂ සරත් ද අල්විස් මහාතා, දර්මප්ප්‍රිය ඩයස්, වසන්ත විට්ටච්චි, හිමලි සිරිවර්දන,අර්ජුන කමලනාත්, ඇතුලු ශිල්පින් 90% පමන සම්මාන උලෙලට ආරාධනා ලැබී තිබුණේද නැත.. නමුත් ආරාධනාපත් දෙකක් පමනක් අතැතිව අවසනයේ මා සහබාගී වන්නේ දෙරන නාලිකාවේ කළමනාකාරීත්වයට තිබූ ගෞරවය නිසාමය. මන්ද අර්බුදකාරී කර්මාන්තයක සිටින ශ්‍රී ලාංකික කලා කරුවෙකු වීම බැංකුවකින් නයක් ලබාගැනීමට ඇති ලොකුම නුසුදුසු කමක් වී තිබෙන කාලෙක , ඔවුන්ගේ හැකියාවන් සම්මානයක් හෝ ලබාදී අගය කිරීම මහා ප්‍රශංසනීය කටයුත්තක් සේම ඇගයිය යුතු කාරණයක් නිසා‍ය..

සම්මානලාභී ජයග්‍රාහීකයින්ට සැවොම එක්ව සුභ පැතූ අතර ඒ සතුට මාද ඔවුන් සමග බෙදා ගතිමි. පසුදින (7 වැනිදා)මා හිතවත් ජූරි සභිකයෙකුවන අනුරුද්ද ජයසිංහ මහතාව දුරකතනයෙන් ඇමතුවේද පුතන්ඩියා සිනමාපටයේ රේඛීය නිශ්පාදක ලෙස අප සිනමාපටයේ ගුණ අගුණ විමසා සිටීමටය.එවිට ඔවුන් දුන් පිළිතුරෙන් මා විමතියටත් තිගැස්මටත් පත්විණි.ඔවුන් කියාසිටියේ පුතන්ඩියා චිත්‍රපටය තමා ඇතුලු ජූරියට නැරඹීමට අවස්ථාවක් නොලැබුනු බවත් සංවිධයක මංඩලයෙන් ජූරිය වෙත නැරබීමට ලබාදුන්නේ චිත්‍රපට එකොළහක් පමනක් බවත් , සම්මාන සදහා සලකා බැලුවේ තම්න්හට ලබා දුන්නාවු චිත්‍රපටවල හා ශිල්පීන්ගේ දස්කම් පමනක් බවත් එම චිත්‍රපට 11 තුල "පුතන්ඩියා" නොතිබුනු බවත් ඔහු පැවසීය. ඒය ඇසූ සැණින් මා දුරකතන ඇමතුමක් ගත්තේ දෙරන ආයතනයේ අලෙවි විදායක වරයෙකු වූ අප සමග ඉතා සුහදව කටයුතුකල චන්දන මහතාටය..

ඔහු මේ ගැන කිසිදු දෙයක් නොදන්නා බව පැවසීමෙන් පසු මම එම ආයතනයේ අද්‍යක්ශකවරයෙකු වන මාධව මඩවල මහතාටද කතාකොට මේ පැමිණිල්ල කීවද ඔහුද මේ පිලිබදව දැනුවත් වී නැතිබව දැන්වීය.ඉන්පසු මා තවත් ජූරි සභිකයකු වන බූඩි කීර්තිසේන මහතා ඇමතුවෙමි. ඔහුද මාහට පැවසුවේ අනුරුද්ද ජයසිංහ මහතා දුන් පිලිතුරමය.

මා අසා සිටින්නේ චිත්‍රපට 23 කින් 11 ක් පමනක් ජූරි සභිකයින් වෙත ලබා දීමටත් අනෙක් සිනමා පට 12 ක්ම ජුරි සභිකයන්හටවත් ලබාදීමට නොසුදුයැයි තීරනයකලේ කවුද? යන්නය.මේ චිත්‍රපට කංඩායමක් හෝ සංවිදායක මංඩලය බලා චිත්‍රපට ලැයිස්තුව කෙටිකලානම්(short list ).. එය අපිට දැනගන්න අයිතියක් නැද්ද? එම අයින්කල චිත්‍රපටි කවුරුන් විසින් නැරඹුවේද කියා දැනගැනීමට අපට අයිතියක් ඇත.එසේ කලානම් ඒ සිනමාවගැන දැනීමක් තියෙන පිරිසක්ද?ඇයි ඔවුන් කවුරුන්දකියා ප්‍රසිද්ධියේ හදුන්වා නොදුන්නෙ?
සම්මාන උලෙල ආරම්භයේ චිත්‍රපටි 23 නේම ප්‍රචාරකපට පෙන්නා, ඊටපසු අපිට ගෞරවනීය ජුරිය හදුන්වා දුන්නේ මේ චිත්‍රපට සියල්ලම නරඹා අදදින සම්මානවලට හිමිකරුවන් තීරණය කළේ මේ ජූරිය කියා නොවේද? මේවැනි සිදුවීම් හෝ ක්‍රියාවකින් සම්මානයට පාත්‍ර වූ සහෝදර සහෝදරියන් හෑල්ලුවට ලක් කළා නොවෙද? ඇත්තෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණයට පාත්‍ර වූයේ සිනමාපට එකොළහක් පමනකින්නම් ඒ සම්මානය ඔවුන්ට අගෞරවයක් නොවන්නේද?

තවද නැගී එන නළුවාට සහ සටන් අධ්‍යයක්ෂකට සම්මානයන් මෙවර පිරිනැමුණේ නැත.ජූරියේ අදහස ඔවුන් නැරඹු සිනමාපට තුල ඒ සදහා සුදුස්සෙක් නොවීමය. මා අසා සිටින්නේ ජූරියවෙත ඉදිරිපත්නොවූ චිත්‍රපටි 12 තුල ඒ සම්මාන දෙකට හිමි දක්ශයා ඉන්න තිබුණා නොවෙද?

මෙවැනි ක්‍රීයාවකදී එල්ලවන චෝදනා වලට වගකීම භාර වන්නේ ජූරිය වෙත නොවේද?ඔවුන්ද අපහසුතාවකට පත්කර ඇත.

මෙතෙක් මා සිනමා සම්මානයට පාත්‍ර වි නම් ඒ දෙරණ සම්මාන උලෙලකදී බව අතීතය මට මතක්කරයි. නමුත් මේ ලිපිය කිසිම විටක දෙරනටවත් කිසිම පුද්ගලයෙකුවත් මඩගැහීමේ අරමුනින් නොවන අතර මෙවැනි වැරදී හෝ අන් ආකාරයක වැරදී අනෙකුත් සම්මාන උළෙලවලින් පවා සිදු නොවේවායි ප්‍රර්ථනා කරමි.දෙරන සම්මාන උළෙල ඉදිරියටත් කරගෙන යෑමට ඒ සියලුම දෙනාට ශක්තිය ලැබේවා කියා මා ප්‍රර්තනා කරන අතර..
මේ ලිපිය කියවා මේ ශේෂ්ත්‍රයේ උදවිය මගේ පිටට තට්ටුකොට well done කියා මාව පොරක් කිරීමට හෝ ඇන්දීමට උතසහ නොකර, තමන්ගේ අතද වගකීමක් ඇති බව සිහිතබා ගන්නේනම් හොදයැයි මතක් කරමි.

අවසාන වශයෙන් ...මේ ලිපියේ ප්‍රකාශ කළ දෑ තුල යම් වැරැද්දක් වීනම් එයට සමාවන ලෙසත් මෙයින් අප ශේෂ්තත්‍රයට යම් හොදක් වේ නම් එය අප සැමට බවත් නරකක් වී නම් මා හට පමණක්ම මා දනිමි..
...බුද්ධික ජයරත්න........