මාසයේ 13 වන දින සිකුරාදා දිනයක් යෙදීම බටහිර විශ්වාසයන් අනුව අසුබ දිනක් ලෙස සැලකේ මේ 2017 වසරේ ජනවාරි මාසයේත් අද ඔක්තෝබර් 13  මේ ලෙස 13 සිකුරාදාව යෙදී තිබේ.

මේ හේතුවෙන්

බටහිර රටවල් රැසක ඇතැම් පිරිස් බියට පත්ව සිටින බවත් ඇතැමුන් කාර්යාලවලට නොයා ලෙඩ නිවාඩු දමා නිවසේ ගත කරන බවත් වාර්තාවේ.
1940 බකිංහැම් මාලිගය ජර්මානු ප්‍රහාරයට ලක්වූයේද මෙවන් දිනකය.1972 චිලී රටේ මගී ගුවන් යානයක් අතුරුදන්වීම,1996 දී සුප්‍රකට රැප් ගායක Tupac Shakur අභිරහස් ලෙස මියයාම,
2012 දී Costa Concordia මගී නෞකාව මුහුදුබත්වීම,2015 දී 130 ක් මරුදුටු පැරිස් ත්‍රස්ත පුහාරය මෙවන් දිනක සිදුවූ මෑත කාලීන අහිතකර සිදුවීම්ය.