කොටපොළ අමරකිත්ති හිමියෝ පසුගියදා පැවති උත්සවයකදී මෙසේ පවසා තිබේ.‍

‘ආගමික සංහිඳියාව ගැන කදිම නිදසුනක් ප්‍රකාශ කරන්නට කැමතියි. මෙරට නැගෙනහිර පළාතේ මහා භික්ෂු
සංහාරයක් ඇතුළු ජන සංහාරයක් සිදුකිරීමට දායක වූ කරුණා අම්මාන් මහතාගේ ඥාති
පවුලක දියණියක් පසුගිය දවසක දංකොටුව ප්‍ර දේශයේ දී වළකට වැටී මියගිය පසු එම දියණියගේ අවසන් කටයුතු පන්සලේ සිදුකරන්නට තරම් භික්ෂූන්වහන්සේ ඉදිරිපත්වී තිබුණා. මා එය දැනගත්තේ එම විහාරස්ථානයේ දම් දෙසීමට ගිය අවස්ථාවේ. බෙදුම්වාදී අදහස් ඉදිරිපත් කරන විග්නේෂ්වරම් මහඇමතිතුමා දෙමළ සංධානයේ මන්ත්‍රීතුමන්ලා මෙවැනි ක්‍රියාවන් දැක දැන අවබෝධ කොට ලංකාවේ සිව්කොන ආගමික සහජීවනයට මඟපාදා ගැනීම වටී. වැල්ලවත්ත, තොටළඟ, පිටකොටුව, මාළිගාවත්ත කුමන තැනක බැලුවත් වැඩි වශයෙන් වාසය කරනු ලබන්නේ සිංහලයන් නොව අන්‍යජාතිකයන්ය. එසේ වුවද ඔවුන්ට කිසිදු හිරිහැරයකින් තොරව එම ස්ථානවල වාසය කිරීමට හැකිය. තම ආගම නිසි සේ ඇදහිය හැකිය. ‘