මෙවර සතිඅන්ත පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ටෙලි නිළි
දිලිනි ලක්මාලි පවසා ඇත්තේ ලංකාවේ
නිළියන් අතරින්  දිගම කෙස් කළඹේ වාර්තාව තමා සතු බවයි.

දිලිනි කෙස් කළඹ නිසා හරි ආඩම්බරයි නේද?
‘කෙස් කළඹ නිසා තමයි මට බොහෝ දේ ලැබුනේ. 2008 අවුරුදු කුමාරි වුණෙත් නිළියක් රංගන ශිල්පිනියක් වුණෙත් මේ කෙස් කළඹ නිසාමයි. මාව ගොඩක් දෙනෙක් දන්නෙ ‘දිග කොණ්ඩෙ තියන නිළිය‘ කියලයි. ඒ නිසා මම මගේ කෙස් කළඹට හරි ආදරෙයි. නිතරම ආදරෙන් රැකබලාගන්නට උත්සාහ කරනවා. ආ ඒක නෙමේ..මම හරි නම් ශ්‍රී ලාංකේය රංගන ක්ෂෙත්‍රයේ දිගම කෙස් කළඹ තියෙන්නෙත් මටයි.‘