පසුගිය දිනවල නිරන්තරයෙන් කථාබහට ලක්වූ වික්ටර් රත්නායක-හෂිනි අමේන්ද්‍රා යුවළගේ විවාහයෙන්
පසුව ඔවුන් ලංකාව අතැර
පිටරටක ගොස් ටික කලකට විවේක ගන්නට යාමේ සූදානමක් ගැන වාර්තාවේ.
ඒ ගැන හෂිනි මෙසේ කියා තිබේ.
“ඇත්තටම පසුගිය දින ගණනාවම හරිම වෙහෙසකර වූවා. වික්ටර්ගේ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක දිගට වෙහෙස වුණා. ඊළඟට අපේ විවාහය හා ඒ එක්ක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය වෙහෙස නිවාගන්න අපි දෙන්නා ඉක්මනින් ම විදේශ සංචාරයක නියැළෙන්නයි ඉන්නේ.”

“දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ බැංකොක් යන්න. වෙනත් රටකට යැවෙන්නත් පුළුවන්. කොහොම වුණත් වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් ඕනෙම තැනකට යන්න මම කැමැතියි.”