මෙක්සිකෝවේ සැන් ඇන්තෝනියෝහි මහාමාර්ගයේ ඩිජිටල් දැන්වීම් පුවරුවක අත්වැරදීමකින් ධාවනය වෙමින් පැවති බව කියන අසභ්‍ය වීඩියෝ අංගයක් නවතා ලන්නට ඒ මත නැග ප්‍රයත්නයක නිරතවූ ගිනි නිවන හමුදා භටයෙකු එයින් ඇද වැටී අසළ තිබුණ පාලමකින්ද වැටී මුරුමුවට පත් ව තිබේ.
Periferico Sur නමැති මහාමාර්ගයේ

මෙම පුවරුව තුළ දහවල් කාලයේ දර්ශනය වෙමින් පැවති වීඩියෝවේ නිල් චිත්‍රපට ජවනිකාවක් විකාශය වෙමින් පැවතී ඇත.
මෙම ජවනිකාව විශේෂ දෙයක් ලෙස සලකා මහාමාර්ගයේ වාහන සෙමින් ගමන් කරමින් එහි වීඩියෝ රූප රාමු ලබාගන්නට උත්සාහ කර තිබුණි. ඒ නිසා මාර්ග තදබදයක්ද හටගෙන ඇත.
පසුව පොලිසියේ ඉල්ලීම පරිදි මෙම ජවනිකාව නතර කරන්නට එහි පාලන පුවරුව වෙත ගිය ගිනි නිවන භටයාට තමන්ගේ සමතුලිතතාවය තබාගන්නට බැරිව ඇද වැටුණ බව කියැවේ.
ඔහු ඉහළ සිට වැටීමෙන් ඇතිවූ තුවාල නිසා රෝහල් ගතකරන ලදුව ජීවිතක්ෂයට පත්විය.