අද 22 උතුරුදිග චීනයේ හෙනාන් පලාතේ
පුයැන්ග්හි

ප්‍රාථමික පාසලක වැසිකිලියක බිත්තියක් කඩා වැටී ඒ අවට සිටි සිසු දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර සිද්ධිය නිසා කලබලවී පළායන්නට තැත්කිරීමෙන් 20 කට ආසන්න දරු පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම අනතුරට හේතුව දුර්වල මට්ටමින් ඉදිකර තිබුණ ගොඩනැගිල්ල බවත් ඒවායේ නඩත්තුව ගැන අවධානයක් නොතිබීම නිසා අසරණ කුඩා දරුවන් මරණයට පත්වීම ඛේදවාචකයක් බවත් චීන මාධ්‍ය වාර්තා කර ඇත.