කූඨ ලේඛන ප්‍රශ්නයකට මැදිවීම නිසා එජාපයෙන් දුරස්ථවූ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායකට සමාජ මාධ්‍ය තුළ ප්‍රකටවූ බෑණාවරුන්ගේ සංගමය නැවත දේශපාලනයට එන්නැයි විටින් විට ඇවිටිලි කර තිබුණි. එහි
ප්‍රතිඵලයක් නිසාදෝ
ඔහු සිදකෙරෙන අඛණ්ඩ කොන් කිරීම් ඉවසමින් යළිත් දේශපාලනයට එන්නට මාර්ග සොයමින් පසුවූ අතර ඊයේ මහනුවර රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේෙ
පවතින ආණ්ඩුව කෙරෙහි ජනමතය බිඳවැටෙමින් පවතින බවත් 2001 වසරේදී පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳවැටීමට හේතු වුයේ ද ජනතා අපේක්ෂාවන් තොරව කටයුතු කිරිම බවත්ය.මෙම තත්ව මත  තමන් යළි දේශපාලනයේ ඉදිරියට පැමිණෙන බවද ඔහු දන්වා ඇත.
දේශපාලන ආරංචි පවසන්නේ තිස්ස යළි මහින්ද පිලෙන් දේශපාලනය කරනු ඇති බවයි.