හොංකොං සිට කිර්ගිස්ථානය දක්වා පියාසර කළ තුර්කියට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අධික මීදුම සහිත පරිසරයක ගොඩබෑමට උත්සාහ කිරීමේදී කඩාවැටී නිවාස 15ක් පමණ මුළුමනින්ම විනාශයට පත්ව ඇත.

මෙම අනතුරින් පුද්ගලයන් 32 දෙදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර,

ඉන් බහුතරය ගොඩබිම සිටි අය බවද වාර්තා විය.
කිර්ගිස්ථානයේ, බිෂ්කෙක් අගනගරයට සැතපුම් 25ක් පමණ දුරින් වූ මනාස් ගුවන් තොටුපොළ වෙත ගමන් කළ මෙම යානය බෝයිං 747 TC-MCL ලෙස හඳුන්වා ඇත.
 මියගිය පිරිස අතර කුඩා දරුවන්ද සිට ඇත.
වසර 14ක් පැරණි ගුවන් යානය ගොඩබාන අවස්ථාවේදී පැවති අධික මීදුම් තත්ත්වය නිසා දර්ශනය ඇපැහැදිලි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති අතර නිවෙස්වල සිටි බොහෝ දෙනෙකු නින්දේ පසුවී ඇත.