ද කිංඩම් ඔෆ් රයිගම් ආයතනයෙන් ලොව ප්‍රථම වරට කොහොඹ සහ ඇත් තෝර භාවිතයෙන් හෙයා ඩයි නිපදවීම ආරම්භ කර තිබෙයි.සමීක්‍ෂණ ප්‍රතිඵල අනුව ලංකාවේ
අවුරුදු 40ට වැඩි අයගෙන් සියයට 50කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හිසකෙස් සුදු වීම පිළිබඳ ගැටලු වලින් පීඩාවිඳින බවත් කෘත්‍රීම වර්ණක වලට බියක් දක්වන බවත් වාර්තාවී තිබේ'
හිසකෙස් කළු කිරීම සඳහා දේශීය වෙළෙඳපළේ ඇති වර්ණක රැසක් විදෙස් රටවලින් ආනයනය කරන බැවින්, ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු හේතුවෙන් දේශීය පාරම්පරික ආයුර්වේද ඖෂධ මූලික කර, දේශීය ඖෂධ 11ක් මුසු කළ ‘රාවන් කොහොඹ’ සහ ‘රාවන් ඇත්තෝර’ නමින් ආයුර්වේද හෙයා ඩයි වර්ග දෙකක් වෙළෙඳපළට හඳුන්වා දුන් බව  කිංඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා සඳහන් කර තිබේ.