කොළඹදී පවත්වන්නට නියමිත ආගමික සමුළුවකට සහභාගීවීමට පැමිණි ඇමරිකානු ටෙලිවැන්ජලිස්ට් සභාවෙහි ප‍්‍රධානී හා නිකායික නොවන ලෝක විපර්යාසකයින්ගේ පල්ලියේ නිර්මාතෘ ක්‍රෙෆ්ලෝ ඒ. ඩොලර් නමැති පූජකවරයා තවත්
දෙදෙනෙකු සමග පැමිණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවේ යාඥාවක නිරත වූ අයුරු දැක්වෙන මෙම ඡායාරූපය එම පූජකවරයා සිය ෆේස් බුක් ගිණුමෙන් ප‍්‍රසිද්ධ කර ඇත.