පසුගියදා ජනමත විචාරණ පරාජයක් දැක සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් එම ඉල්ලා අස්වීමෙන් පසුවත් ඊයේ දක්වා සිය ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට
පැමිණි අතර ඊයේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් දන්වා සිටියේ තමා ආසනයෙන් ඉවත්වී දේශපාලනයෙන් සමුගන්නා බවයි.

කෙසේ වෙතත් තවදුරටත් වත්මන් අගමැතිනිය වන තෙරේසා මේ හට පක්ෂපාතී දේශපාලන මතවාදයේ පමණක් සිටින බවද ප‍්‍රකාශ කළ ඔහු සිය වැඩ කටයුතු සඳහා පසුගිය කාලය පුරා උදව් කළ සැමට ස්තූතිය පුදා ඇත.
කැමරන්ගේ නික්මයාම ගැන දුකට පත්වන බවත් ඔහු වැනි පුද්ගලයෙකු සමග වැඩකරන්නට සිදුවීම භාග්‍යයක් බවත් දක්වමින් පාර්ලිමේන්තුවේ විවිධ අය අදහස් දක්වා තිබුණ අතර පසුව දේශපාලකයින් රැසක්ම සිය ටිවිටර් ගිණුම් ඔස්සේ කැමරන්ගේ නායකත්වය වර්ණනා කර සටහන් තබා ඇති බව ලන්ඩනයෙන් වාර්තාවේ.