බ‍්‍රසීලයේ රියෝ ද ජනැයිරෝ නුවර පැවැති 31 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඊයේ අවසන් වුණා. රන් පදක්කම් 46ක් සමඟින් සමස්ත පදක්කම් 121ක් ලබා සිටි ඇමෙරිකා එක්සත් ජනපදය
පදක්කම් සටහනේ පෙරමුණ ගත් අතර
රන් පදක්කම් 27ක් සමඟින් සමස්ත පදක්කම් 67ක් ලබා සිටින බි‍්‍රතාන්‍ය දෙවන තැනටද  රන් පදක්කම් 26ක් සමගින් සමස්ත පදක්කම් 70ක් දිනා ඇති චීනය තෙවැනි තැනටද පත්වුණා.
පදක්කම් සටනේ චීනයට හිමි වන්නට තිබූ දෙවැනි තැන බි‍්‍රතාන්‍යය උදුරාගැනීම මෙවර විශේෂ ලක්ෂණයකි.
ශ‍්‍රී ලංකාවේ ඔලිම්පික් තරග කරුවන්ට මෙවර එකදු පදක්කමක් හෝ අවසන් වටයකට යාමට අවස්ථාවක් හෝ ලැබුනේ නැත.