සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරන හිටපු නායක මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවෙන් ගෞරවය පුද කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ
සගයෝ කටයුතු කළහ.
ඒ ඔහු පිටියට පිවිසෙන අවස්ථාවේ ඔහුට ඉහළට පිති ඔසවමිනි.
දඹුල්ල ක්‍රීඩාංගණයට විශාල පිරිසක්ද පැමිණ සිටියහ.
මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් මෙන්ම සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වූ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යන දෙදෙනා මෙන්ම තිලකරත්න ඩිල්ෂාන් ද සිය කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දුන් බව  ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබේ.
අවසන් ඉනිමේදී ඩිල්ෂාන් 4 පහර 5 ක් සමගින් ලකුණු 42 ක් ගත් අතර ඕවර 4 ක් පමණක් පන්දු යවා ලකුණු 24 ක් ලබා දුන්නේය.
මෙම තරගය ජයගන්නට ලංකාවට නොහැකි විය.