මේ දක්වා පාකිස්තානු ඉස්ලාම් නීති අනුව ලිංග විපර්යාසිකයින්ට නීතියෙන් විවාහ වීමේ අවසරය නොතිබිණි. පසුගියදා සම්මත කරගත් ආගමික රීති (ෆත්වා) අනුව එම අවසරය ලබාදී ඇත. මෙය ඉස්ලාම් රටක විප්ලවකාරී තීරණයක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව උපතේදී පිරිමියෙකුව සිට පසුව ලිංග විපර්යාසයකට ලක්ව ගැහැණියක වන අයට
තවත් පිරිමියෙකු හා විවාහ වන්නටත් එහිම අනෙක් පැත්ත සිදුවී පිරිමියෙකු වන අයට ගැහැනියක හා විවාහවන්නටත් තහනමක් නැත.
ලිංග විපර්යාසිකයෙක් අලූත් ලිංගිකයෙකු ලෙස ලියාපදිංචිවීමේ උප්පැන්න සංශෝධන අවසරය පකිස්තානයට ලැබී තිබුනේ 2010 තරම් මෑතකය.
කෙසේ වෙතත් පාකිස්තානයේ සමලිංගික විවාහ තවමත් තහනම්ය.