ගුවන් යානයක් තුළදී පුද්ගලයකු දැරියක සිපගැනීමට තැත්කිරීම නිසා එම ගුවන් යානය ගමනාන්තයට පෙර වෙනත් ගුවන්තොටුපළකට ගොඩබැස්වූ පුවතක් උතුරු ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ.
ඇලස්කා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පෝර්ට්ලන්ඩ් සිට
ඇන්කෝරෙජ් දක්වා ගමන් ගනිමින් සිට ඇත.
එම ගුවන් යානය තුළ සිටි කැලිෆොනියා‍ෙව් සිට පැමිණි 23 හැවිරිදි තරුණයකු ඔහුගේ අනෙක් පස නිදා සිටි 16 හැවිරිදි දැරියක සිපගැනීමට තැත් කර ඇත.
මෙම සිද්ධිය ගුවන් නියමුවා දැක ඇති අතර ඔහු වහා ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.
ගුවන් යානය වහාම සියැටල් වෙත ගොඩබැස්වීමට කටයුතු කර ඇති අතර දැරිය ගුවන් යානයේ තබාගෙන
සැකකාර තරුණයා සියැටල්හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත..
ඉන්පසුව යළි ගුවන් යානය යළි ගමන් ගෙන ඇත.