ඊයේ පැවති බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන්




ඉවත්වීම පිළිබඳ ජනමත විමසුමේදී සියයට 52 ක බහුතරයක් ඉවත්වීමට කැමැත්ත පළකර ඡන්දය භාවිත කර ඇති අතර අගමැති කැමරන්ගේ මතය අනුව යමින් ඉවත් වීමට අකමැත්ත පළකර තිබුනේ සියයට 48 ක් පමණි.
මේ අනුව ඉදිරියට මහා බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලේ බලවතා ලෙස ඉන් කැපී යාම නිසා ඔවුන් හා එක්ව භාවිත කළ යුරෝ විශාල අවප‍්‍රමාණයකටද මුහුණ දෙනු ඇත.
යුරෝපා හවුල ඉරිතලා යෑමක් ලෙස මෙම තීරණාත්මක ජනමත විමසුම් ප‍්‍රතිඵලය විශ්ලේෂකයෝ හඳුන්වාදී ඇත. බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්‍ය වෙළඳපොළ තුළ ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය. ජපානයේ යෙන් මුදලද ඉහළ ගිය අතර ඇමරිකන් ඩොලරය මේ නිසා නැවත ශක්තිමත්වී ඇත.
යුරෝපා හවුලේ රටවලින් ප‍්‍රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගනිමින් සිටින බවද වාර්තා වුණා.
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි ප‍්‍රචාරණයේ යෙදුණ නිසා මේ පරාජයෙන් පසු ඔහුට අගමැති කමෙන් අස්වෙන්නැයිද බලපෑම් එල්ලවී ඇත.