සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitiening $ rean Lotion) ඇසුරුම් කිරිමේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් නීති සැකසීමට පරිහෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.
    ඒ අනුව එම ආලේපන අඩංගු සෑම බෝතලයකම, ඇසුරකම හෝ පැකට්ටුවකම පහත සඳහන් කරුණු
නොමැකෙන ලෙස

සලකුණු කළ යුතු බව නිෂ්පාදකයන්,ආනයනකරුවන්, ඇසුරුම්කරුවන් හා
බෙදාහරින්නන්ට පාරිභෝගික  අධිකාරිය දැනුම් දී ඇත.

    නිෂ්පාදකයාගේ නම, ලිපිනය, නිෂ්පාදනයේ නම, ආනයනකරු හෝ බෙදාහරින්නාගේ නම් හා ලිපිනය, නිෂ්පාදිත රට, සන්නාම නාමය,පරිමාව, බර,කාණ්ඩ හෝ තොග හඳුනා ගැනීමේ අංකය, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වීමේ දිනය, උපරිම සිල්ලර මිල, අමුද්‍රව්‍ය ලැයිස්තුව, භාවිතා කිරීම සඳහා උපදෙස් සහ අවශ්‍ය වේ නම් අවවාද හෝ අනතුරු ඇඟවීම් ප්‍රකාශ යනාදිය එම ඇසුරුම්වල සටහන් කිරීම අනිවාර්ය වේ.

  ග්‍රෑම් හෝ ලීටර 50ට අඩු ඇසුරුම්වලදී ඉහත තොරතුරු ඇතුළත් වෙනම සැකසූ පත්‍රිකාවක් ඒ තුළට දැමිය හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

 මෙම නියෝගය මේ වසරේ නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.