අන්තර්ජාලය ඔස්සේ එක රැයකින් කෝටි ගණනකගේ නෙත් සිත් පැහැරගත් ඉදිරියේ තිරගතවීමට නියමිත ''ඔරු අදාර් ලව්'' චිත්‍රපටයේ ඇස් ගැසීමේ අංගයක් ඉදිරිපත් කරන පාසල් යුවතියකගේ දර්ශනය ඇතුළත් ගීතය ඉන් ඉවත් කරන ලෙස ඉන්දියාවේ හයිද්‍රාබාද් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා පෙත්සමක් ගොනුවී තිබෙයි.



තවමත් එළිදක්වා නොමැති මෙම චිත්‍රපටයේ "මානික්‍යා මලරායා පුවී” ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වුයේ ප්‍රියා ප්‍රකාශ් රංගන ශිල්පිනියන්ගේ ආකර්ශණීය ඇස් ගසීමේ දර්ශනය නිසාය. එහෙත් එය ඉස්ලාම් ආගමට කරන ලද අපහාසයක් බවට පෙත්සම මගින් කරුණු දක්වා තිබුණි, ගීතයේ අන්තර්ගතය හා සැසදීමේදී ද මෙම තත්පර ගණනක රංගනය ආගමට අවමානයක් බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයින් පවසා තිබුණි. මීට පෙර ද මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් මෙම දර්ශනයට එරෙහිව විරෝධය පළකර තිබුණි.