පාසල් දැරියන් හතරදෙනකු සංගීත කාමරයේදී අපහරණය කළ බවට චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ විද්‍යාලයක සංගීත ගුරුවරයකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා වැඩිදුර විභාගය ලබන මස 24 වැනිදාට කල් තැබීය.

මෙලෙස ශරීර ඇප මත මුදාහැරීමට නියම වූයේ සංගීත ගුරුවරයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ බදුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස්ප රීක්ෂක හරන්කාදෙණිය මහත්මිය ඇතුළු නිලධාරීන් කියා සිටියේ පාසලේ සංගීත කාමරයට වරින්වර

මෙම දැරියන් හතරදෙනා ගෙන්වාගෙන ඇති සැකකාර ගුරුවරයා සංගීතය උගන්වන මුවාවෙන් අවස්ථා කිහිපයකදී ඔවුන්ව අපහරණය කර ඇති බවයි.

මේ පිළිබඳ සොරණාතොට ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ
පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද එම පොලිස් නිලධාරීහු අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් වීරසිංහ මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේ සැකකරු සංගීත ගුරුවරයකු ලෙස මෙම විද්‍යාලයේ දැනට වසර දහයක සිට සේවය කරන නමුත් මෙවැනි චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව බවත් සංගීතයට අමතරව ක්‍රීඩා අංශයේ දියුණුවටද කැපවීමෙන් විද්‍යාලය තුළ කටයුතු කරන නිසා ඔහු එම කටයුතුවලින් ඉවත් කිරීමට සැලසුම් සහගත ලෙස මෙවැනි අභූත චෝදනා නඟා ඇති බවයි.

දැනට දහම් පාසල් ගුරුවරයකු ලෙසද කටයුතු කරන සැකකරුට එරෙහිව නඟා ඇති චෝදනා පදනම් විරහිත බව
වැඩිදුරටත් කියා සිටි නීතිඥ නලින් වීරසිංහ මහතා පොලිස් විමර්ශන කටයුතුද අවසන් වී ඇති නිසා සැකකරුට ඇප ලබාදෙන්නැයිද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල්ල ක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කර ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කිරීමට ග්‍රාම නිලධාරි සහතිකද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

වැඩිදුර විභාගය ලබන අප්‍රේල් මස 24 වැනිදා දක්වා කල් තැබීය.

හාලිඇළ-පියල් කිත්සිරි